දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි

දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි

by Staff writer 01-08-2018 | 9:40 AM
COLOMBO (News 1st) - දුම්වැටියකින් අය කරන සුරා බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම බදු ඉහළ දමා ඇති බව ය. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. ඒ සමගම රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක් 55 දක්වාත්, 55 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 60 දක්වාත් ඉහළ යනු ලැබේ.