ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-08-2018 | 7:08 AM
COLOMBO (News 1st) 1. රුපියල් බිලියන 10ක බැංකු ගනුදෙනුව පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි. 2. බිබිල නිල්ගල රක්ෂිතය තුළ මිය ගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු වනජීවී නිලධාරීහු ඊයේ පස්වරුවේ සොයාගනු ලැබූහ. 3. රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 4. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. 5. පස් හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කරන ලද 69 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. විදෙස් පුවත් 6. ඉරාන ජනාධිපති හසන් රුහානී හමුවීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 7. මුදලට තරග පාවා දුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.