කොටවෙහෙරගල ගින්නකින් අක්කර 15ක් විනාශ වෙයි

කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 15ක් විනාශ වෙයි

by Staff writer 01-08-2018 | 6:41 AM
COLOMBO (News 1st) - වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 15කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගත් බව ය. මේ අතර අනුරාධපුර පූජා නගරයේ මල්වතු ඔය රක්ෂිතයේ ඊයේ සවස ගින්නක් ඇති විය. මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබිණි. අනතුරුව අනුරාධපුර මහ නගර සභවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නෙන් අක්කර 10ක් පමණ මුළුමනින්ම විනාශ විය.