by Staff writer 01-08-2018 | 12:33 PM
COLOMBO (News 1st) - එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා අය කරන තීරු බදු ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ සඳහා වන බද්ද අද සිට රුපියල් ලක්ෂ 15කි.
එන්ජින් ධාරිතාව 1000ට අඩු හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වන බදු රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසකි.
මේ අනුව ඇල්ටෝ වර්ගයේ පෙට්‍රල් මෝටර් රථයක් රුපියල් 345,000 කින් පමණ වැඩි වනු ඇති.
හයිබ්‍රිඩ් වැගන්ආර් වර්ගයේ රථයක මිල රුපියල් 425,000 කින් පමණ වැඩි වනු ඇති.
මුදල් අමාත්‍යංශය පවසන්නේ අද දිනට පෙර ණයවර ලිපි විවෘත කර 2019 ජනවාරි 31 වන දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා අදාළ බදු සංශෝධන අදාළ නොවන බව ය.