බියගමට පැය 15ක ජල කප්පාදුවක්

බියගමට පැය 15ක ජල කප්පාදුවක්

by Staff writer 31-07-2018 | 8:19 AM
COLOMBO (News1st) බියගම උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයක අද පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි. සියඹලාපේවත්ත, අළුබෝවිල, දෙල්ගොඩ, අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරලුව, මල්වාන, දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්පල සහ ගල්වලබොඩ යන ග්‍රාම නිලධාරි වසම්වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.