නිල්ගල රක්ෂිතයේ මියගිය කොටි දෙදෙනාගේ සිරුරු හමුවේ

බිබිල නිල්ගල රක්ෂිතය තුළ මියගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

by Staff writer 31-07-2018 | 8:32 PM

COLOMBO (News 1st) - බිබිල නිල්ගල රක්ෂිතය තුළ මියගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු වනජීවි නිලධාරීන් විසින් අද පස්වරුවේ සොයාගනු ලැබිණි.

අප වාර්තාකරු සඳහන් කළේ, බිබිල කරාඩුගල පොලීසියට ලැබුණු තොරතුරක් මත වනජීවි නිලධාරීන් සමග කළ පරීක්ෂාවකදී මෙම සතුන්ගේ සිරුරු හමු වූ බවයි. නිල්ගල රක්ෂිතයේ බෝවැල්ල එගොඩපිටිය ප්‍රදේශයේ මෙම කොටි දෙදෙනාගේ සිරුරු එකම ස්ථානයක වැටී තිබියදී හමුවිය. ඌව මධ්‍යම කලාප භාර වනජීවි පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා සඳහන් කළේ, මෙම කොටි දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කර මරාදමන්නට ඇතැයි සැකකරන බවයි. කොටි දෙදෙනා මියගොස් සිටි ස්ථානය සමීපයේ මියගිය ගවයෙකුගේ කොටස් ද තිබී සොයා ගැනුණි.