බිත්තර ආනයනය අත්හිටුවයි

බිත්තර ආනයනය අත්හිටුවයි

by Staff writer 31-07-2018 | 7:23 AM
COLOMBO (News 1st) බිත්තර ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි ද සොයිසා මහතා පැවසුවේ, දේශීය බිත්තර නිෂ්පාදකයාට සිදුවන ගැටලු මුල් කර ගනිමින් එම තීරණය ගත් බවයි. බිත්තර ආනයනය කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට පාඩු ලැබීමට සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය.