පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය හෙට දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට

by Staff writer 31-07-2018 | 5:45 PM

COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව්දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, 2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි. මහ ලේකම්වරිය හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත. ඊට අමතරව ඇය මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ වන්නේ අන්තර් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම සහ ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරිමෙහිලා සහයෝගිතාව වර්ධනය කර ගැනීමයි.