පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

by Staff writer 31-07-2018 | 10:53 AM
පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙළ මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 ට එම රැස්විම පැවැත්වීමට නියමිත බවයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති බවයි.