දැරියක් අපයෝජනය කළ69හැවිරිදි පුද්ගලයෙකුට සිරදඬුවම්

දැරියක් අපයෝජනය කළ 69 හැවිරිදි පුද්ගලයෙකුට සිරදඬුවම්

by Staff writer 31-07-2018 | 5:10 PM

COLOMBO (News 1st) - පස් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන ලද 69 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය. අසල පිහිටි වෙළඳසැලට රැගෙන යන මුවාවෙන් එම දැරිය නිවසින් රැගෙන ගොස් 2009 වසරේ ඔක්තෝම්බර් මස 22 වැනිදා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. රුපියල් 20,000ක දඩයක් හා රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට නියෝග කළේය.