ගම්මැද්දෙන් තව ත් ප්‍රජා සත්කාරයක්

දරුවන්ගේ දැනුම නගා සිටුවන්නට ගම්මැද්ද මුල පුරයි

by Staff writer 31-07-2018 | 10:15 PM

COLOMBO (News 1st) - දැයේ දරුවන්ට දැනුමෙන් සවිමත් වන්නට අත්වැලක් වන්නට ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය යටතේ අද අප තව ත් පියවරක් තැබුවෙමු.

ඒ, කියවීම තුළින් පිරිපුන් මිනිසුන් පිරිසක් දැයට දායාද කිරීමේ අරමුණිනි. දඹුල්ල වෑවලවැව සිරිමෙවන් ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට පුස්තකාල ගොඩනැගිල්ලක් තිබුණ ද කියවීම සඳහා ප්‍රමාණවත් තරම් පතපොත තිබුණේ නැත. ඒ දරුවන්ගේ දැනුම පිපාසය වෙනුවෙන් ශක්තියක් වූ ගම්මැද්ද කණ්ඩායම ඔවුන්ට උපකාර කළේ ය. මෙම පොත් ගම්මැද්ද වැඩසටහනට පරිත්‍යාග කළේ බිග්බැඩ්වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙනි.