ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Staff writer 31-07-2018 | 7:02 AM
COLOMBO (News 1st) 1.අපනයන දෙපාර්තමේන්තු පාලක මහගමගේ ගාමිණි යළි රිමාන්ඩ් : රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කටයුතු කළ මහගමගේ ගාමිණි මහතා, ලබන 7 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්විම හේතුවෙනි. 2.ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි : බළංගොඩ, ඉඹුල්පේ පරවියන්ගල කන්දේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, ගින්න මැඩපැවැත්විම සඳහා ඊයේ සිට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි. ගින්නෙන් මේ වන විටත් අක්කර 50 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. 3.විදුලිබල හා උපයෝගිතා කොමිසමේ සභාපතිවරු කෝප් කමිටුව හමුවට : ලංකා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ලබන 7 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම හා විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සභාපතිවරුන් එලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. 4. නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි : ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට කළ ප්‍රකාශයක් මගින් අ‍ධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක්  නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතාට හා ශ්‍රෙෂ්ඨාධිකරණයට භාර දුන්නේ ය. මීට අදාළ නඩුව නැවත අගොස්තු මස 8 වන දා කැඳවීමට නියමිතයි. 5. කෝටි 1000 ක ණයක් තමන් සේවය කරන බැංකුවෙන්ම ගත් බැංකු අධ්‍යක්ෂකවරයෙකු ගැන හෙළිදරව්වක් :  රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරය දරණ සමාගමකට එම බැංකුවෙන් ම රුපියල් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගැනීමේ දූෂිත ගනුදෙනුවක් පුවත්පතක් අනාවරණය කර තිබේ. දිනපතා දේශය පුවත්පත ඊයේ විශේෂ හෙළිදරව්වක් කරමින් මේ ගනුදෙනුව අනාවරණය කළේ ය. 6. ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස් : ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, ගුවන්තොටුපොළවල් ආසන්නයේ කිලෝමීටර 5 ක සීමාවේ සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. 7. සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය වැටලු ප්‍රදේශවාසීන් විසුරුවා හැරේ : හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී දේපොළ අහිමිවූවන්ට වන්දි ඉල්ලා පැවති විරෝධාතවයකදී අද උණුසුම් තත්ත්වයක් ඇති විය. හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය දෙපස දේපොළ අහිමි වූ ජනතාවට වන්දි මුදල් නොලැබීම හේතුවෙන් මෙම සත්‍යග්‍ර‍ය ආරම්භ කෙරිණ.

විදේශීය පුවත්...

ක්‍රීඩා පුවත්...

2. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි. වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් කළේ ය.