කුඩු ළඟ තබා ගත්තාට, ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

කුඩු ළඟ තබා ගත්තාට, ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

by Staff writer 31-07-2018 | 1:27 PM
COLOMBO (News 1st) හෙරොයින් ග්‍රෑම් 3.05ක ප්‍රමාණයක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන අධිචෝදනා 2 කට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ අද ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් නියම කළේ ය. එම විත්තිකරු 2013 ජුලි 3 වන දා දක්වා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාරයට පත්කිරීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී එකී මත්ද්‍රව්‍ය තොගය ඔහු සන්තනයේ තිබීයදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පුද්ගලයා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය.