උ/පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

by Staff writer 31-07-2018 | 7:14 AM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ය. ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.