ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි

උතුර සංවර්ධනය කරන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි

by Staff writer 31-07-2018 | 7:15 AM
COLOMBO (News 1st) උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ පස්වරුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය. ජනාධිපතිවරයා සභාපතිත්වය දරන මෙම මෙම කාර්ය සාධක බලකාය පත් කෙරුණේ, පසුගිය ජුනි 5 වන දින විශේෂ ගැසට් නිවේදනයෙනි. අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකු පළාත් දෙකේ ආණ්ඩුකාරවරු හා ප්‍රධාන අමාත්‍යවරු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු මෙම කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.