අනුරාධපුරයේ අනතුරකින් පුද්ගලයින් 8කට තුවාල

අනුරාධපුරයේ අනතුරකින් පුද්ගලයින් 8කට තුවාල

by Staff writer 31-07-2018 | 11:22 AM
COLOMBO (News 1st) අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන 7ට පමණ අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ 27 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. යාපනය සිට කල්පිටිය බලා ධාවනය වූ ගුවන් හමුදා බස්රථයක්, කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බව සඳහන් ය. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් 8 දෙනෙකි. ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/2062200290506885/