බිලියන 10 ක ගනුදෙනුව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි

බිලියන 10 ක ගනුදෙනුව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි

බිලියන 10 ක ගනුදෙනුව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි

කර්තෘ Staff writer

31 Jul, 2018 | 8:16 pm

COLOMBO (News 1st) – රුපියල් බිලියන 10 ක බැංකු ගනුදෙනුව පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසා තිබේ.

මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණය මුදලක් ලබාදීම පිළිබඳව මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී ඇත.

සතිඅන්ත දේශය පුවත්පත පසුගිය ඉරිදා අනාවණය කළේ, මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට අයත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණය මුදලක් ලබාදී ඇති බවයි.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා විධායක උපසභාපති ධූරය දරන එම්. ටී. ඩී වෝර්කර්ස් සමාගමට බැංකුවේ ණය කමිටුවේ ද අනුමැතිය මත මෙම මුදල ලබාදී ඇතැයි නිව්ස්ෆස්ට් පසුව කළ විමර්ශනවලදී අනාවරණය විය.

ලංකා බැංකු සේවක සංගමයේ මහ ලේකම් රංජන් සේනානායක,

ණය මුදලක් ලබා දෙනකොට බැංකුවක් තුළ ඒ ගනුදෙනුකරුවාගේ වත්කම් ඔහුගේ ගෙවීමේ හැකියාව. ඔහුට මේ ණය මුදල සඳහා ලබාදිය හැකි සුරැකුම් මේ සියල්ල සලකා බලලා බැංකුවක් විසින් ණය ලබාදෙන පිළිගත් ක්‍රමවේදයන් අනුව තමයි. අධ්‍යක්ෂවරයකුට වුවද ණය මුදල් ලබාදිමේදී ලබාදිය යුත්තේ. ඒ වගේම අධ්‍යක්ෂවරයකුට ණය මුදලක් ලබාදිමේදී මේ ණය මුදල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන නිසා විශේෂයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් තියෙනවා. ඒවා නිසිලෙස අනුගමනය කර තිබෙනවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි සොයා ලබනවා ඒ විතරක් නෙවෙයි. අපි මහජන බැංකුවේ පාලන අධිකාරියෙන් ලිඛිත විමසිමක් කළා. මේ කරුණ සම්බන්ධව පැහැදිලි කිරීමක් අපිට කරන්න කියලා.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මේ සම්බන්යෙන් කරුණු පැහැදිලි කරමින් අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, එම්.ටී.ඩී වෝර්කර්ස් සමාගම 2004 සිට මහජන බැංකුව සමග විශ්වසනීයව ගනුදෙනු කර ඇති අතර වරින්වර මූල්‍ය පහසුකම් ලබාගෙන නිසි පරිදි හා ක්‍රමානුකූලව ඊට අදාළ ආපසු ගෙවීම් සිදුකර ඇති බවයි.

මෙම සමාගමට ණය ලබාදීමේදී අනුගමනය කළ යුතු ශ්‍රී ලංකා මහබැංකුවේ රෙගුලාසි නිසිලෙස අනුගමනය කරමින් එම ණය මුදල ප්‍රධානය කර ඇති බව මහජන බැංකුවේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු හා ණය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ නිර්දේශ ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව මෙම ණයමුදල ලබාදී ඇති බවයි.

මහ බැංකුව විසින් පනවා ඇති සියලු අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී ඇතැයි මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ, ඕනෑම ණය මුදලක් ප්‍රධානය කිරීමේදී මහජන බැංකුව සැලකිල්ලට ගනු ලබන්නේ නිසි ක්‍රමවේදයන් පමණක් මිස වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ හෝ ආයතනයක නිර්දේශ හෝ බලපෑම් නොවන බවයි.

මේ අතර පසුගිය ජුලි 29 වන දා එම්.ටී.ඩී වෝකර්ස් සමාගම ලබාගත් රුපියල් බිලියනයක ණයක් අක්‍රීය ණය මුදලක් බවට පරිවර්තනය කර ඇතැයි තමන්ට වාර්තාවන බව මහජන බැංකුවේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන් මහතා පැවසුවේ ය.

ඔහු අනාවරණය කළේ, මිලියන 500 ක මුදලක් මහජන බැංකුව විසින් එම්. ටී. ඩී වෝකර්ස් සමාගමේ 9.75% ක පොලී අනුපාතිකයක් මත ආයෝජනය කර ඇති බවයි.

මෙය ඉතා අඩු පොලී අනුපාතිකයක් බවත් රාජ්‍ය බැංකුවක් මුදල් එවැනි අඩු පොලී අනුපාතිකයටකට ආයෝජනය කිරීම ප්‍රශ්න සහගත බවත් රුසිරිපාල තෙන්නකෝන් මහාත පැවසීය.

2015 දෙසැම්බර් 31 වන දා වනවිට එම්.ටී.ඩී වෝර්කර්ස් සමාගමේ සිව්වන විශාලතම කොටස්හිමියා වී තිබුනේ මහජන බැංකුවයි.

අගමැතිවරයාගේ සමීපතමයෙකු වන නෙරන්ජන් දේවාදිත්‍ය මහාතා ද මෙම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

ජාතික සමගි පෙරමුණේ මහ ලේකම්, අසාද් සාලි

මේකේ කිසිම දෙයක් දැන් මහජන බැංකුවේ බොඩ් එකට කරගන්න බැහැ. දේශපාලන පැත්තෙන් මලික් සමරවික්‍රම මහතාගේ මිත්‍රයෙක් කියලා. ජේහාන් අමරතුංග කියලා දැන් මේ කම්පැනි එක මේච්චර විශාල මුදලක් අරගෙන තියෙනවා කිවාම අපි හෙව්වා. මහ බැංකුවෙන් මේක අනුමත කරලා එවලා තියෙන්නේ. ඔන්න බලා ගන්න මහජනතාවගේ සල්ලි අය විදිහ. 70% ක් බොන්ඩ්වලින් ඇවිල්ලා තියෙනවා. 30% කට (කොල් ඇක්ටර් තියෙනවා.) එක නැතුව නෙවෙයි. ඒ බැංකුවේම බොඩ් එකේ වාඩ්වෙලා. ඒ බැංකුවෙන්ම ණය ගන්න පුළුවන්ද සාදාචාර වශයෙන් හරි ද කියන එක තමයි. මගේ ප්‍රශ්නය. තමුන්ගේ බලය පාවිච්චි කරලා. මහ බැංකුව පාවිච්චි කරනවා. එදා ගාමිණි සෙනරත් මේකට මැදිහත් වෙලා. මේ ඔක්කොම කරලා දෙනවා. එතකොට දැන් ඉන්නේ. ගාමිණි සෙනරත්ගේ වැඩ බලා ගන්නේ මලික් සමරවික්‍රමනේ හැම කොන්ත්‍රාත්තුවෙන්ම අද රටේ ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නයේ අනිවාර්යෙන්ම මලික් මහත්යාගේ නම තියෙනවා. දූෂණයක් ද එතන මලික්ගේ නම තියෙනවා. එයා කියයි. මං සල්ලිකාරයෙක්. ඔව් සල්ලිකාරයින්ට තමා තන්හාව හැදෙන්නේ පොඩි මිනිහටත් වඩා තියෙන වුණ්ටනේ හැදෙන්නේ. නැත්නම් මහ බැංකුව කඩයි ද?

මහ බැංකුවේ වංචාව සිදු වූ අයුරු ඔබට මතක ද?

මාමා විසින් මහ බැංකුව තුළ සිට බෑනාට වාසිදායක අයුරින් කටයුතු කර මහජන මුදල් බිලියන ගණන් අහිමි කළ බව දැන් තහවුරුවී තිබේ.

රාජ්‍ය බැංකුවක් තුළ අධ්‍යක්ෂවරයෙකුව සිට තමන් සේවය කරන සමාගමට ණය අනුමත කර ගැනීම ලැදියාවන් අතර ගැටුමක් නොවන්නේ කෙසේ ද?

බිලියන 10 ක් වැනි විශාල මුදලක් ණය ලෙස ලබාදීමේදී බැංකුවට ඇති සුරක්ෂිත භාවය කුමක් ද?

මහජන මුදල් යොදාගෙන කරන මේ ගනුදෙනු ගැන නිව්ස්ෆස්ට් තවදුරටත් සෙවිල්ලෙන්.

තව ත් අනාවරණ ඉදිරියේදී බලාපොරොත්තු වන්න…