අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි

අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි

අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි

කර්තෘ Staff writer

31 Jul, 2018 | 9:40 pm

COLOMBO (News 1st) – මුදලට තරග පාවාදුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව දැනුවත් කිරීමට කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

අද පැවැති මෙම මාධ්‍ය හමුවේදී අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා මහත්වරුන්ට එරෙහිව මුදලට තරග පාවාදුන් බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එල්ල කළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග,

ලක්නව් තරගයකදී චෝදනාවක් එල්ල වෙලා තිබුනා, 1994 දී මට මතක හැටියට. ඊට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඇවිල්ලා ඒ පරීක්ෂණය ඉවර වුනාට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් මාවයි අරවින්දවයි දෙන්නවම නිදහස් කරලා තියෙනවා. මං හිතන්නේ මේ රටේ හැම දෙනාම මේක දන්න දෙයක්.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා,

පොලිටීෂියන්ස්ලා මේ කතාව කීවාම මං මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. ක්‍රිකට් කමිටි එකේ හිටියා, එයා මට වරින්වර කිවුවා, වයිස් ප්‍රසිඩන්ට් හැටියට එන්ඩ, උදව් කරන්ඩ, මං හිතන්නේ මේ වගේ ඇලිගේෂන් එකක් තිබුනා නම් එයාගේ යුතුකමක් එයාට මට කතා නොකර ඉන්න. මම කොහෙට ගියත් මම කාට වුණත් මම යස් කියන ජාතියේ කෙනෙක් නෙවී අර්ජුන වුනත් දන්නවා. බවුන්ඩ්‍රි ලයින් එකෙන් ඇතුළට ගියාට පස්සේ මොන මේක තිබුනත්, සීයට සීයක් දීලා ඒකට ක්‍රීඩා කරන කෙනෙක්. හැම සිලෙක්ටර්ටම පේමන්ට් එකක් කරනවා. ඉතිං මම ගියේ එතෙන්ට උදව්වක් කරන්න. මේ ලෙටර් එකත් එක්ක චෙක් දෙකක් දීලා තිබුනා. මේ මේකේ තියෙනවා මේ චෙක් දෙක මං ආයේ රිටර්න් කරලා මට සල්ලි මුකුත් ඕනේ නෑ කියලා. ඔහොම ඒවා මං අහලා තියෙනවා. මං ගහන කාලෙත් කියලා තියෙනවානේ මේ කාර් එකක් ගත්තොත් විතරයි මං ගහන්නේ කියලා. ඉතිං ඒවා අහලා තියෙන හන්දා මං ඕවා ගණන් ගන්නේ නෑ. දන්නේ නැති මිනිස්සු කොච්චර හම්බ වෙනව ද? ඉතිං කිවුවානම් මෙහෙම හම්බ වුණා කියලා, අපි කොහොමද දන්නේ ඉතිං ඒ ගොල්ලන් පස්සේ මොනාහරි මෙව්වා කරලානම් අපි කොහොමද දන්නේ, මෙයා ඇවිල්ලා අපිට කතා කරලා කියලා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග,

ඩොලර් පහලොස් දාහ ගන්ඩ අපිට ඇඩ්වර්ටීස්මන්ට් එකකට යන්න තිබුනා. මම ජීවිතේට ඇඩ්වර්ටීස්මන්ට් එකකට ගිහින් නෑ.. අපිට මේ ඩොලර් පහලොස්දාහ ලොකු නෑ. ක්‍රීඩකයෝ හැටියට අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරලා තියෙනවා. රුපියල් 250යි අපිට ගෙවුවේ එක ටෙස්ට් මැච් එකකට. හැබැයි අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට. සල්ලි බලාගෙන නෙවී. ඒක හන්දා මං මේ කොහෙද යන අපතයෝ කියන කතා ගණන් ගන්නේ නෑ. අන්න ඒකයි අපිට දින්නන පුළුවන් වුනේ. අපි සල්ලි බලාගෙන ගියානම් ඩොලර් පහලොස් දාහ අපිට ගන්ඩ ඕන නෑ. ඩොලර් මිලියන පහලොස් දාහක් විතර ගන්න තිබුනා ඔය මැච් එක පරදින්න අපි දෙන්නා එක් වුණානම්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පහුගිය කාලේ වචේච දේවල්. ලංකාවේ පළවෙනි වතාවට දේශීය ක්‍රිකට් තරග පාවාදීම්වලට අහු වුනා. ඒකට කවුද සම්බන්ධ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයගේ කණ්ඩයාම දැන් පරීක්ෂණයක් තිබුනා. ක්‍රීඩා ඇමතිතුමා කියන ඇමතිතුමා කිව්වා සුමානෙන් එයා දඬුවම් දෙනවා කියලා. මං හිතන්නේ දැන් මාස ගාණක් ගිහින් තියෙනවා. ලංකාවේ දේශීය තරග පාවාදීම්වලට යනවා නම් එතකොට මේ ගොල්ලෝ වීදුරු ගෙවල්වල ඉඳලා අහිංසක මිනිස්සුන්ට ගල් ගහන්න හදනවා. ඉතිං මේ ගොල්ලොත් දැන ගන්න ඕනේ ඒ ගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. ජාත්‍යන්තර තරගවලටත් අපි දැක්කා පහුගිය කාලේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඇවිත් පරීක්ෂණ කළා. ක්‍රිකට් සම්බන්ධ වෙලා තියෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාට. මම දන්නේ නෑ ක්‍රීඩා ඇමතිවරයාගේ විෂය ”පතයට ” අයත්ද කියලා ක්‍රිකට්. අන්න ඒක හොයලා බලන්න ඕනේ දැන්. මං අද මාධ්‍යයේ දැක්කා සුමතිපාල ගිහිල්ලා විකට්ටුව චෙක් කරන්න. ඊට පස්සේ මං දන්නෑ මේක මාධ්‍යයේ ගිය එකක්. බෙටිං ප්‍රසන්ටේජ් එක වෙනස් වුණා කියලා. ඔන්න ඕවා තමයි හොයලා බලන්න ඕනේ. ඒකයි මං කියන්නේ ක්‍රීඩා ඇමතිවරයා දැන ගන්න ඕනේ, මෙවැනි දේවල් වුනානම් පරීක්ෂණයක් කරලා ඒවා නවත්වන්න. ජනාධිපති නීතිඥ කෙනෙක් හැබැයි මං දන්නේ නෑ එයාට ක්‍රිකට් එයාට යටත්ද කියලා. ක්‍රිකට් වෙනම දුවනවා.