by Staff writer 30-07-2018 | 7:20 AM
වසර 15කට පසුව අඟහරු පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද සහ හෙට දිනයේදී දැක ගත හැකි බව ඔහු සඳහන් කළේ ය.
හිරු බැස යාමත් සමග නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු අලුයම් කාලයේ බටහිර ක්ෂිතිජයෙන් බැස යන තෙක්ම රාත්‍රී අහසෙහි සඳුට පසුව දිස්වන දීප්තිමත්ම වස්තුව ලෙස මේ දිනවල දැකගත හැකි වන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
අඟහරු රතු - තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.
හෙට රාත්‍රියේදි එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් ආසන්නයෙන් ගමන් කරන බව මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසී ය.
මේ අතර සෙනසුරු, බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝකයන් ද මේ දිනවල රාත්‍රී අහසෙහි නැගෙනහිර සිට බටහිර දෙසට චාපයක් අයුරින් පිළිවලින් පිහිටන විරළ දසුනක් දැකගැනීමේ අවස්ථාව ද උදාවී තිබේ.
අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව ද මහජනතාවට හිමි වේ.
රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් හෙට කොළඹ විශ්වවිද්‍යාලයේ රාත්‍රි 7.00 සිය රාත්‍රි 10.00 දක්වා විශ්වවිද්‍යාලිය ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.