ඇතැම්  දරුවන්ට සුරක්ෂා නැහැ? 

හෘදයාබාධවලින් මිය යන දෙමව්පියන්ගේ දරුවන්ට සුරක්ෂා නැහැ?

by Sagarika Chathumali 30-07-2018 | 7:32 AM
හෘදයාබාධ හේතුවෙන් මිය යන දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් සිසුන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණ වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ හිමිනොවීම පිළිබඳ වෘත්තීය සමිති දැඩි විරෝධය පළ කරයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, මෙරට ජනතාවගෙන් විශාල පිරිසක් හෘදයාබාධවලින් මියයන බවයි. එලෙස මියයන දෙමව්පියන්ගේ දරුවන්ට ද එම රක්ෂණාවරණය හිමිවිය යුතු බව ඔහු සඳහන් කළේ ය.