සූරියවැව ප්‍රා. ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

by Staff writer 30-07-2018 | 1:06 PM
COLOMBO (News 1st) ප්‍රදේශවාසීන් පිරිසක් හම්බන්තොට සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. ඒ, සුරියවැව - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වූවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමිනි. කඩිනමින් තමන්ට වන්දි මුදල් ලබා දෙස ප්‍රදේශවාසීහු මෙහිදී ඉල්ලා සිටියහ.