by Staff writer 30-07-2018 | 7:42 PM
COLOMBO (News 1st) - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී දේපොළ අහිමිවූවන්ට වන්දි ඉල්ලා පැවති විරෝධාතවයකදී අද උණුසුම් තත්ත්වයක් ඇති විය.
හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය දෙපස දේපොළ අහිමි වූ ජනතාවට වන්දි මුදල් නොලැබීම හේතුවෙන් ආරම්භ කළ සත්‍යග්‍රයට අදට දින 45 ක් වනු ඇත.
අද උදෑසන මෙම පිරිස සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග 2 ම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ.
පසුව මෙම ස්ථානයට පැමිණි හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයා විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ මාර්ගයෙන් ඉවත්වෙන ලෙසයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව සූරියවැව ඇඹිලිපිටිය මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.
අනතුරුව පොලීසිය මැදිහත්වී පිරිසි විසුරුවා හැරීම සඳහා පියවර ගෙන තිබේ.