විදුලිබල මණ්ඩල සභාපති කෝප් කමිටුව හමුවට

විදුලිබල හා උපයෝගිතා කොමිසමේ සභාපතිවරු කෝප් කමිටුව හමුවට

by Staff writer 30-07-2018 | 1:55 PM
COLOMBO (News 1st) ලංකා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ලබන 7 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම හා විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල තීරණය කිරිම සම්බන්ධයෙන් කරුණු විමසීමට සභාපතිවරුන් එලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. අදාළ සභාපතිවරුන් ලබන 7 වන දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට පැමිණිමට නියමිතව තිබේ.