ප්‍රදේශ රැසකට අද තද සුළං

ප්‍රදේශ රැසකට අද තද සුළං

by Staff writer 30-07-2018 | 7:43 AM
පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි බවයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසිද ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා පැවසී ය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.