නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි

නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි

by Sagarika Chathumali 30-07-2018 | 1:51 PM
ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට කළ ප්‍රකාශයක් මගින් අ‍ධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් අද නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතාට හා ශ්‍රෙෂ්ඨාධිකරණයට භාර දුන්නේ ය. මීට අදාළ නඩුව නැවත අගොස්තු මස 8 වන දා කැඳවීමට නියමිතයි. නීතිපතිවරයා විසින් සකස්කරන ලද චෝදනා පත්‍රය ද ඇතුළත් එකි කෙටුම්පත් ආඥාව පිළිබඳ විනිසුරු මඩුල්ල සෑහිමකට පත්වන්නේ නම්, එකි කෙටුම්පත් අඥාවේ සඳහන් චෝදනා ශ්‍රෙෂ්ඨාධිකරණ රේජිස්ටාර්වරිය විසින් කියවා දී නඩු විභාගය ආරම්භ කිරිමට තීරණය කරනු ඇති. පසුගිය වසරේ ජුනි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට සිදුකරන ලද ප්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් වී ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්න ලෙස ඉල්ලා පූජ්‍ය මාගල් ක්න්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරි සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ. එම පැමිණිල්ල සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් එක ප්‍රකාශය මගින් බැලු බැල්මටම අධිකරණයට අපහසයක් වී ඇතැයි, නිගමනය කර විත්තිකාර රංජන් රාමනායක මහතාට එරෙහිව ගතයුතු පියවර සම්බන්ධයෙන් අද දිනයේ කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නියොග කර තිබිණ.