දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

by Staff writer 30-07-2018 | 5:31 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසුවේ, අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකරුවන් සහ දුම්රිය රියැදුරන් එක් ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණි.