ගාලු ක්‍රීඩාංගණය: යුනෙස්කෝව නිර්දේශ නිකුත් කර නැහැ

ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ

by Staff writer 30-07-2018 | 10:16 PM

COLOMBO (News 1st) - ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි.

වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් කළේ ය. අද උදෑසන විකාශ වූ පැතිකඩ වැඩසටහන එක්වෙමින් ලෝක උරුම කටයුතු පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකාරක ලෙස වසර 3 ක් කටයුතු කර ඇති හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා මෙම අදහස් පළ කර තිබේ. හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ, ගාමිණි විජේසූරිය,
බන්දුල එතන මගෙන් කිහිප දෙනෙක් ප්‍රශ්න කළේ, විශේෂයෙන් අවසාන රැස්වීම තිබ්බේ පහුගිය ජූලි මාසේ මමත් එතන හිටියා. ඒක තිබ්බේ බරහේන්වල. ඒ රැස්වීමෙන් ගන්න තීරණ තමා ඔබ දන්නවා ජාත්‍යන්තර ආයතන තීරණ ගන්නේ කොහොමද කියලා. මේ සාකච්ඡාව තිබ්බා 2008 ඉදන් 2018 වෙනකන්. 18 තීරණවල ඔය ක්‍රීඩාංගණය ඉවත් කිරීම හෝ එකේ තියෙන පැවිලියන් හෝ ඉවත් කිරීම පිළිබඳ කිසිම සඳහනක් වෙලා නැහැ. කලින් සාකච්ඡාවක් තිබුණා ඒකයි මම කිව්වේ 200 2009 කාලවල. එතකොට ඒ සාකච්ඡා දිගින් දිගටම යනකොට ඒ සාකච්ඡාව යොමුවුනා වෙනත් පැති වලට. විශේෂයෙන් අර වරායක් හදන්න හදනවා. ඒක පිළිබඳ එකකොට මේකේ ඔය ලෝක උරුම කියන ස්ථාන පිළිබඳ කලමනාකරණය කරන්න. ඒක නම් මටත් පුදුමයි. ඒ කියන්නේ කවුරු හරි බැලුවනම් ඒ අවසාන තීරණය බොහොම පැහැදිළිව තියෙනවා මොනවද අපේ රජයෙන් ඉල්ලලා තියෙන්නේ කියලා. අපේ රජයට කියලා තියෙනවා අර වරාය ගැන විස්තර එවන්න එහෙම නැත්නම් තව එකේ කලමනාකරණය කරන්න ගැන විස්තර අහලා 2019 දෙසැම්බර් පළමු වන දට විස්තරයක් එවන්න කියලා තමයි තියෙන්නේ.