කේරළ ගංජා සමග පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

කේරළ ගංජා සමග පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

by Staff writer 30-07-2018 | 1:10 PM
COLOMBO (News 1st) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ ,පුලියංකුලම ,වැල්ලවත්ත සහ ‍බොරලැස්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලිම්වලිනි. සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 35 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රැපියල් ලක්ෂ විසි හතරදහසකට ආසන්නයි. සැකකරුවන් අද අධිකරණවලට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.