කිරිබත්ගොඩ සංගීතයක් අතරතුර පිහිඇණුමක්

කිරිබත්ගොඩ සංගීතයක් අතරතුර පිහිඇණුමක්

by Staff writer 30-07-2018 | 11:11 AM
COLOMBO (News 1st) කිරිබත්ගොඩ, ඩිංගියාවත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද අලුයම එම ඝාතනය සිදුව ඇති බවයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි. ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.