කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට 

කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට 

by Staff writer 30-07-2018 | 9:06 AM
(News 1st) - තම්ල්නාඩුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය  කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. තමිල්නාඩු DMK පක්ෂ නායක එම්. කරුණානිධිගේ වයස 94කි. පසුගියදා අලුයම ඔහු චෙන්නායිහි රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධය මුල්වරට අනාවරණය කළේ ය. ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධූර කාල 5ක් කටයුතු කර තිබේ.