ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි

ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි

by Staff writer 30-07-2018 | 11:29 AM
COLOMBO (News 1st) බළංගොඩ, ඉඹුල්පේ පරවියන්ගල කන්දේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, ගින්න මැඩපැවැත්විම සඳහා ඊයේ සිට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි. ගින්නෙන් මේ වන විටත් අක්කර 50 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉඹුල්පේ පරවියන්ගල කන්ද විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රකටව ඇත්තේ, ආදර කන්ද ලෙසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2060337457359835/