අපනයන දෙපාර්තමේන්තු පාලක ගාමිණි යළි රිමාන්ඩ්

අපනයන දෙපාර්තමේන්තු පාලක මහගමගේ ගාමිණි යළි රිමාන්ඩ්

by Sagarika Chathumali 30-07-2018 | 12:30 PM
COLOMBO (News 1st) රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කටයුතු කළ මහගමගේ ගාමිණි මහතා, ලබන 7 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්විම හේතුවෙනි. ජපානයෙන් නිත්‍යනුකූලව ආනයනය කළ කළ වසර 10 කට වඩා පැරණි වාහන දෙකක් රේගුවෙන් මුදා හැරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා ඔහු අත්අඩංගුවට ගැනිණ.