දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

by Staff writer 30-07-2018 | 7:47 AM
අද මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය සථානාධිපති සංගමය පවසයි. එහි සභාපති ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ, වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. සිය වැඩ වර්ජනය සහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, රියදුරන් මෙන්ම අධීක්ෂණ කළමනාකරුවන් ද එක්වන බව ඔහු සඳහන් කළේ ය.