by Staff writer 29-07-2018 | 6:26 PM
මෙරට සංචාරක හිතකාමි ත්‍රිරෝද රථ සේවාව අද ආරම්භ වේ.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේදීයි.
මෙහිදී සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියැදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව සහ සහතිකපත් සංකේතාත්මකව පිරිනැමීම මෙම උත්සවයේ දී සිදු කෙරෙනු ඇති.
එම මුද්‍රාව අදාළ ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබෙන අතර එමගින් සංචාරකයන්ට එම ත්‍රිරෝද පහසුවෙන් හඳුනා ගැනීමට හා ඒවායේ සේවාව ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙයි.
මේ වන විට කොළඹ, ඇල්ල, බෙන්තොට සහ දෙණියාය යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් 750කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ට ද ඉදිරි කාලය තුළ මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබා දීමට නියමිතයි.
එමෙන්ම සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා වෙන්වූ හැඳුනුම්පතක් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.
ත්‍රිරෝද රථවලට අමතරව අවන්හල් සඳහාත්, සංචාරක සත්කාරක නිවාස සඳහාත් මෙම සංචාරක හිතකාමි මුද්‍රාව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.