රකුල් ප්‍රීත් සිංට ශ්‍රීදේවි වෙන්න අවස්ථාවක්

ශ්‍රීදේවිගේ චරිතය නිරූපණය කරන්න රකුල් ප්‍රීත් සිංට අවස්ථාව

by Staff writer 29-07-2018 | 1:11 PM

COLOMBO (News 1st) - ජනප්‍රිය ඉන්දීය නිළි රකුල් ප්‍රීත් සිංට, අභාවප්‍රාප්ත ප්‍රවීන ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ චරිතය නිරූපණය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ඒ, ප්‍රවීන දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන රාමා රාඕගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වන සිනමා පටය වෙනුවෙනි. රාමා රාඕ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු ද වේ. නව සිනමා පටයේදී ශ්‍රීදේවිගේ චරිතයට රංගන දායකත්වය ලබාදීමට රකුල් ප්‍රීත් සිංට අවස්ථාව උදා වී ඇත්තේ, රාමා රාඕගේ චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදුන් සුපිරි තරු චරිත ද ඊට ඇතුළත් වීමත් සමගිනි.