රිය අනතුරකින් යුවලක් මරුට

රිය අනතුරකින් යුවලක් මරුට

by Chathuranga Rajapaksha 29-07-2018 | 11:06 AM

COLOMBO (News 1st) - අම්පාර - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ වලතාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් අම්පාර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳයි. ඔවුන් මහන්බෝග, හත්තිස්ස පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.