රාජ්‍ය සේවකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නැහැ

රාජ්‍ය සේවකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නැහැ - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

by Staff writer 29-07-2018 | 8:04 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නොමැති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා සඳහන් කළේ, මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් මිලියන 1.1ක් සිටින බව ය. ඔවුන්ගෙන් 62% කට විද්‍යුත් තැපෑල භාවිත කිරීමට නොදන්නා බව ද අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කළේය.