මැදවච්චියේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

මැදවච්චියේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

by Staff writer 29-07-2018 | 2:24 PM

COLOMBO (News 1st) -  මැදවච්චිය, වල්පොල, උස්ගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, පාපැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී ඔහුට එම පහරදීම සිදු කර ඇති බව ය. වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ඔහු මැදචච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. අනතුරුව එහිදී ඔහු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මැදච්චිය ,වල්පොල පදිංචිකරුවෙකි.ற