මත්පෙති සමග කාර්මික විද්‍යාල සිසුවක් අත්අඩංගුවට

මත්පෙති සමග කාර්මික විද්‍යාල සිසුවක් අත්අඩංගුවට

by Staff writer 29-07-2018 | 3:49 PM
මත්පෙති තොගයක් සමග කාර්මික විද්‍යාල සිසුවකු මැදවච්චිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, එම සිසුවා සතුව මත්පෙති එක්දහස් හාරසියයක් තිබූ බවයි. එම මත්පෙති කාර්මික විද්‍යාලයේ සිසුන්ට අලෙවි කිරීම සඳහා කිසියම් ස්ථානයකින් මිලදී ගත් බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලිදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.