බුලත්සිංහල මංකොල්ලයට පැමිණි වාහනය හඳුනා ගනී

බුලත්සිංහල රුපියල් කෝටියේ මංකොල්ලයට පැමිණි වාහනය හඳුනා ගනී

by Staff writer 29-07-2018 | 7:29 AM

COLOMBO (News 1st) - බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකෑමට පැමිණි වාහනය හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් ඊයේ රාත්‍රියේ මංකොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාප සඳහන් කළේ, සැකකරුවන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් රැගෙන පලාගොස් ඇති බව ය. මංකොල්ලය සඳහා පුද්ගලයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම අවස්ථාවේ මුදල් රැගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවිය කොල්ලය සිදුවන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබේ.