පවිත්‍රා වන්නිආරච්චිට සොයිසාගෙන් චෝදනාවක්

by Staff writer 29-07-2018 | 9:34 PM
ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බවට රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අද චෝදනා කළේ ය. ඔහු මෙම චෝදනාව කළේ, ඇඹිලිපිටිය විහාරස්ථානයක ඊයේ පැවති පුණ්‍යෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා ඇතිවූ තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි. ඇඹිලිපිටිය, හීන්දළුක්හින්න වනවාසල නාග විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවී චමල් රාජපක්ෂ මහතා පැමිණීම නිසා ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී චමල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරදුන් අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාරය ගැන උත්සවයේ සංවිධායකයෝ දැඩි අප්‍රසාදයක් පළ කළහ.