කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයා ගැන පරීක්ෂණ

කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගනී

by Staff writer 29-07-2018 | 12:22 PM

COLOMBO (News 1st) - කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණ මත්පැන් පානය කරමින් සොරොව්ව අසල දියනාමින් සිට ඇති බව ය. එම අවස්ථාවේ අදාළ තරුණයා දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 21 හැවිරිදි උණවටුන පදිංචි තරුණයෙකි. ඔහුගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිත ය. එලෙස විනෝද චාරිකාවක පැමිණ ඇත්තේ පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසකි.