by Staff writer 29-07-2018 | 5:24 PM
COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කිරීමට තීරණය කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දිවයින පුරා හඳුනාගත් මධ්‍යස්ථාන ආශ්‍රීතව මෙම සංඥා අවහිර කිරීමට නියමිත බවයි.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංඥා බලකායේ ද සහය ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
නව තාක්ෂණය භාවිත කරමින් සිදුවන විභාග අක්‍රමිකතා අවම කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
අගෝස්තු මස 06 වන දා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් පළමු වනදායින් අවසන් වේ.
ඒ සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.
අගෝස්තු මස 05 වන දා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326 කි.