ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු...

ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු...

by Staff writer 29-07-2018 | 5:24 PM
පකිස්ථාන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් ලබන 14 වන දා ට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි, තරීක් ඒ ඉන්සාෆ් පක්ෂය පවසයි. කෙසේවෙතත් පකිස්ථාන මැතිවරණයෙන් ජයගත් තරීක් එ ඉන්සාෆ් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට අවැසි අවම ආසන සංඛ්‍යාව ජයගැනීමට නොහැකි විය. මන්ත්‍රී ආසන 342 කින් යුත් පකිස්ථාන පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය හිමි කරගැනීමට තරීක් එ ඉන්සාෆ් පක්ෂයට ආසන 172 ක් හිමිකර ගත යුතු වුවත් මෙවර මැතිවරණයෙන් එම පක්ෂය දිනාගත්තේ ආසන 115 ක් පමණි. බහුතරය හිමිකරගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන බව ද තරීක් එ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ ප්‍රකාශ කළහ. පකිස්ථාන මැතිවරණය දූෂිත සහ වංචනික බවට පකිස්ථාන ජනතා පක්ෂය සහ පකිස්ථාන මුස්ලිම් ලීගය චෝදනා කරයි.