English
தமிழ்
කර්තෘ Staff writer
29 Jul, 2018 | 9:10 am
ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
දකුණු අප්‍රිකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙවර තරගාවලියේදී ද මෙහෙයවන්නේ ෆෆ් ඩු ප්ලෙසිස් විසිනි.
වසර 26 ක් පැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ එක්දින ක්‍රිකට් තරග 68ක දී එකිනෙකා මුණ ගැසී තිබේ.
දකුණු අප්‍රිකාව ඉන් තරග 35ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 29කි.
තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගයකදී අවසන් වරට මුණගැසී ඇත්තේ නිමාවූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ය.
ඊට පෙර 2016 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගාවලියකදී මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 ට 0ක් ලෙස පරාජයට පත්විය.
2014 ජුලි මස 9 වනිදාට පසුව පවත්වා ඇති කිසිඳු එක්දින තරගයකදී හෝ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නොමැත.
තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද උදෑසන 9.45 ට ආරම්භ වීමට නියමිත ය.
16 Feb, 2019 | 06:55 PM
15 Jan, 2019 | 09:53 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS