Star Wars: කැරී ෆිෂර් සහ රිචඩ් 9 වන කථාංගනයට

Star Wars: කැරී ෆිෂර් සහ රිචඩ් ඊ ග්‍රාන්ට් 9 වන කථාංගනයට රංගනයෙන් දායක වෙති

by Staff writer 28-07-2018 | 2:12 PM
(News 1st) - ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය සඳහා තොරා ගැනුණු නළු නිළියන්ගේ නම් ලැයිස්තුව නිවේදනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සඳහා ප්‍රවීණ ශිල්පීන් මෙන් ම නවකයින් ද එක්ව සිටින බව ය. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රින්සස් ලේය චරිතයට රඟ පෑ කැරී ෆිෂර් 2016 වසරේදී හදිසියේ මිය ගියා ය. 81 හැවිරිදි බිලී ඩී විලියම්ස්, ලන්ඩෝ කල්රිසියන් සහ රිචඩ් ඊ ග්‍රාන්ට් ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති. ස්ටාර් වෝස්, ජේ.ජේ. ඒබ්රම්ස්ගේ අධ්‍යක්ෂණයකි.