විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ-මැතිව්ස්

විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ - ඇන්ජලෝ මැතිව්ස්

by Staff writer 28-07-2018 | 6:01 PM

COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තමා ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

දෙරට අතර හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර එහි පළමු තරගය හෙට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්
හොඳ සූදානමක් තියෙනවා මම හිතන්නේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ ඒ ලබා ගත්ත කොන්ෆිඩන්ට් අපි වන්ඩේ වලට ලබාගෙන තියෙනවා. නමුත් අපිට කිසිසේත්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ලේසියට ගන්න බෑ මොකද ඔවුන්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඉන්නවා එක්දින කණ්ඩායමේ
ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සඳහන් කළේය.
හුඟාක් කණගාටුයි කණ්ඩායම මේ හොඳට ක්‍රීඩා කරන වෙලාවක ක්‍රීඩකයෙකු නැති වෙන එක ගැන. ඒ වගේම ඕනේම ක්‍රීඩකයෙක් විනයක් නොමැතිව කටයුතු කරනවානම් ඒ පිළිබඳව අපි සමාව දෙන්න බෑ. එගොල්ලෝ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන් නමුත් කණ්ඩායමේ නීතීන්වලට පටහැනිව විනය විරෝධී ක්‍රියාවන්වලට අපිට ඉඩදිය නොහැකී
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆෆ් ඩූ ප්ලේසී
එක්දින තරගවලට සාදන තණතිලි සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරගවලට හදන තණතිලිවලට වඩා හොඳයි. කෙසේ වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳ දඟ පන්දු යවන්න සිටිනවා. ඒක කොහෙමත් නැති වෙන දෙයක් නෙවෙයි. නමුත් අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් මේ වගේ තණතීරුවල ක්‍රීඩා කරන්නේ පළමු වතාවට ඒ නිසා මේක ඔවුන්ට හොඳ අත්දැකීමක් වෙයි