කෙරවලපිටිය රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක්

වත්තල කෙරවලපිටිය රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 28-07-2018 | 11:09 AM
COLOMBO (News 1st) - වත්තල කෙරවලපිටිය අරවකොටුව ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා කණ්ඩායම් 3ක් පිටත් කර යවා ඇති බව ය. අද පෙරවරු 9.30ට පමණ ගින්න හටගෙන ඇති බව කොළඹ මහ නගර සභාව පැවසුවේ ය.