by Staff writer 28-07-2018 | 3:21 PM
COLOMBO (News 1st) - යාපනය, නැදුම්කුලම්, කොළඹතුරේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කරන බවට විදුලි සංඥා ක්‍රියාත්මක වී තිබියදී අද දහවල් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී මෙම අනතුරට ලක්ව ඇති බව ය.
යතුරුපැදිය ගැටී ඇත්තේ කොළඹ සිට කන්කනස්තුරේ දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක බව ද පොලීසිය ප්‍රකාශ කළේය.
ඔවුන් සිරුරු මේ යනවිට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
මියගොස් ඇත්තේ යාපනය, අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.