බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක්

බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක්

by Staff writer 28-07-2018 | 10:31 PM

COLOMBO (News 1st) - බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මුදල් රැගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔවුන් පලාගොස් ඇති බව ය. එම අවස්ථාවේ මුදල් රැගෙන යන කණ්ඩායමේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියෙකු සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.